මරදානේ දී දුම්රියක් පීලි පනී
December 13, 2018 08:50 am
මරදාන දුම්රිය ස්ථානයේ 7 සහ 8 යන දුම්රිය වේදිකා දෙක අතර දුම්රියක් අද(13) උදෑසන පීලි පැනීමකට ලක්ව තිබේ.
අද උදෑසන 8.15 ට පමණ මෙය සිදුව ඇතැයි අද දෙරණ වාර්තාකරු පවසයි.
මෙම දුම්රිය පීලී පැනීම හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බව ද වාර්තා වෙයි.
අප කළ විමසීමක දී දුම්රිය පාලක මැදිරිය කියා සිටියේ, පිලී පැනීම හේතුවෙන් සුළු දුම්රිය ප්රමාදයක් සිදුවන බවයි.
කෙසේවෙතත් අප වාර්තාකරු සඳහන් කරේ සියලුම දුම්රියන් ප්රමාද වී ධාවනය වන බවයි.