මෝදර හදිසි ගින්නක්

මෝදර හදිසි ගින්නක්

December 13, 2018   08:23 am

එගොඩඋයන පොලිස් වසමේ මෝදර ප්‍රදේශයේ ලී මඩුවක හදිසි ගින්නක් හටගෙන තිබේ.

එගොඩඋයන පොලීසියට ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ මොරටුව නගර සභා ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව මේ වන විට ගින්න මැඩපවත්වා ඇති බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර ගින්නෙන් සිදුවු අලාභය ද මෙතෙක් තක්සේරු කර නොමැත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් එගොඩඋය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.