රනිල් යළි බලයට ආවොත් අනතුරුදායකයි
December 13, 2018 07:57 am
රනිල් වික්‍රමසිංහ මහතාට යළිත් රටේ බලය හිමි වුවහොත් රටට බරපතළ අනතුරුදායක තත්ත්වයක් උදාවනු ඇති බව ජාතික සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ පසුගිය රජය මේ වසර අවසන්විමට පෙර නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට සැලසුම් කර තිබූ බවයි.
තමන් විසින් රචිත “ධනවාදයට විකල්පයක් අප සතු මඟ” යන ග්‍රන්ථය අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමින් වහන්සේ වෙත පිළිගන්වමින් ආචාර්ය ගුණදාස අමරසේකර මහතා මේ බව සඳහන් කළේයව.
ආචාර්ය ගුණදාස අමරසේකර මහතා අනතුරුව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් ද බැහැදැක සිය ග්‍රන්ථය උන්වහන්සේට පිළිගන්වනු ලැබුවේය.
එහිදී රටේ වත්මන් තත්ත්වය පිළිබඳව ද ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සහ පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමි අතර මෙසේ කථාබහක් ඇති වුණි.