කම්කරු නිලධාරින් ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත්වීමට තීරණයක්

කම්කරු නිලධාරින් ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත්වීමට තීරණයක්

December 13, 2018   07:37 am

කම්කරු දෙපාර්තමේන්තුව බරපතළ මූල්‍ය අර්බුදයකට ලක්ව සිටින බව රාජ්‍ය සේවා කම්කරු නිලධාරින්ගේ සංගමය පැවසීය.

එම සංගමයේ සභාපති අයි.සී ගමගේ මහතා සඳහන් කළේ මේ වන විට කම්කරු නිළධාරින්ගේ ගමන් වියදම් දීමනා ගෙවීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවයි.

ඉදිරි සතිය තුළ මෙම ගැටළුවට විසඳුම්  නොලැබුණහොත් කම්කරු නිලධාරින් ක්ෂේත්‍ර රාජකාරි වලින් ඉවත්වීමට තීරණය කර ඇති බව අයි.සී ගමගේ මහතා සඳහන් කළේය.