කැස්බෑවුන් 5ක් සමඟ 4ක් පොලිස් දැලේ

කැස්බෑවුන් 5ක් සමඟ 4ක් පොලිස් දැලේ

December 13, 2018   06:18 am

යාපනය සාගර කලාපය තුළදි කැස්බෑවුන් පස් දෙනෙකු ඇල්ලූ ධීවරයින් හතර දෙනෙකු අල්ලාගත් බව යාපනය ධීවර පරීක්ෂක කාර්යාල සහකාර අධ්‍යක්ෂක එස්.ශිවකරන් මහතා පැවසීය.

ශිවකරන් මහතා පැවසූවේ යාපනය ගුරුනගර් හා ඩෙල්ෆ් ප්‍රදේශයන්වලදී අල්ලාගත් කැස්බෑවුන් සමඟ අදාළ ධීවරයින් ඊයේ(12) අත්අඩංගුවට ගත් බවයි.

යාපනය ගුරුනගර් ප්‍රදේශයේදී කැස්බෑවුන් තිදෙනෙකු සමඟ ධීවරයින් දෙදෙනෙකුද, යාපනය ඩෙල්ෆ් ප්‍රදේශයේදී කැස්බෑවුන් දෙදෙනකු සමඟ ධීවරයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවද ධීවර පරීක්ෂක නිළධාරීන් පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරි පරීක්ෂණ වෙනුවෙන් යොමු කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් යාපනය ධීවර පරීක්ෂක කාර්යාල නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.