රට-ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව සමන් රත්නප්‍රිය කියයි

රට-ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව සමන් රත්නප්‍රිය කියයි

December 12, 2018   10:09 pm

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ඉකුත් දෙසැම්බර් පස්වනදා පැවැත්වූ මාධ්‍ය හමුවකදී පුරවැසි බලය සංවිධානයේ  සාමාජික සමන් රතන්ප්‍රිය මහතා විසින් කිසියම් ප්‍රකාශයක් සිදුකළේය.

මෙම ප්‍රකාශයට එරෙහිව පිවිතුරු හෙළ උරුමය ඉකුත් දා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ගොනු කළ අතර ඒ සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මේ අතර සමන් රත්නප්‍රිය මහතාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් පූජ්‍ය ගලගම ධම්මරංසි හිමි ද පොලිස් මූලස්ථානයට පැමිණිලි ගොනු කළ අතර එහි වැඩිදුර විමර්ශන වෙනුවෙන් උන්වහන්සේ අද (12) පෙරවරුවේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණියේය.

කෙසේවෙතත් අද පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් සමන් රත්නප්‍රිය මහතා මෙම චෝදනා වලට ප්‍රතිචාර දැක්වමින් සඳහන් කළේ කුමන චෝදනා එල්ල කළද තමන් රටත් පොදු ජනතාවත් වෙනුවෙන් පෙනී සිටින බවයි

මෙහිදී සමන් රත්නප්‍රිය මහතා තමන් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පිළිබඳවද අදහස් පල කළේය.