සපුගස්කන්දේ වෙඩි තැබීමක්
December 12, 2018 09:19 pm
සපුගස්කන්ද, ගල්වල මන්සංන්ධියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද(12) රාත්‍රී 8.00 පමණ ගල්වල මන්සංන්ධියේ මාර්ගය අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
වෙඩි වැදීම හේතුවෙන් බරපතළ තුවාල ලබා සිටි අදාළ පුද්ගලයා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ 35 හැවිරිදි මාකොළ උතුර, මාකොළ ලිපිනයේ පදිංචි එච්.ඒ ධනුෂ්ක සංජීව නැමති ව්‍යාපාරිකයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.