අකාරුණික රියදුරා නිසා මිය ගිය පාසල් සිසුවා-CCTV දර්ශන සහිතයි

අකාරුණික රියදුරා නිසා මිය ගිය පාසල් සිසුවා-CCTV දර්ශන සහිතයි

December 12, 2018   07:30 pm

පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ සොමියෙල් හන්දිය අසලදී ලොරි රථයක රියදුරා විසින් පාසල් සිසුවකු යටකර පලායන ආකාරය අසල සී සී ටී වී කැමරාවක සටහන්වූ අතර සිසුවා එම ස්ථානයේදීම මියගොස් තිබේ.

අද (12) අළුයම 4ට පමණ මෙම අනතුර සිදු වි ඇති බව සඳහන් වේ.

මෙසේ මරනයට පත් වී ඇත්තේ 18 හැවිරිදි කදුරුවෙල පැරකුම් ප්‍රදේශයේ පදිංචි සිසුවෙක්.

මෙම සිසුවා පෙරදින රාත්‍රීයේ  ඔහුගේ මිතුරේකුගේ නිවසේ පාඩම් කටයුතු සිදු කර ඇති අතර නැවත නිවස බලා පැමිණේමින් සිටියදි මෙම අනතුරට මුහුණ පා ඇත්තේ.

සී සී ටි වී දර්ශන අනුව ලොරි රථයේ තොරතුරු සොයාගෙන ඇති අතර එය මඩකළපුව ප්‍ර දේශයේ එකක් බව හෙළි වී ඇත.

රියදුරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇත.