කාසියේ වාසිය වෙනුවට පිත්තේ වාසිය

කාසියේ වාසිය වෙනුවට පිත්තේ වාසිය

December 12, 2018   07:13 pm

ක්‍රිකට් ක්‍රීඩාවේ මෙතෙක් පැවති කාසියේ වාසිය උරගා බැලීමේ සම්‍ප්‍රදාය වෙනස් කරමින් ඒ වෙනුවට පිත්තේ වාසිය මගින් ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන හෝ පන්දු රකින කණ්ඩායම තේරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ.

2019 වසරේ පැවැත්වෙන බිග් බෑෂ්  ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් කාසියේ වාසිය උරගා බැලීමේ සම්‍ප්‍රදාය වෙනස් කරමින් ඒ වෙනුවට පිත්තේ වාසිය මගින් ප්‍රථමයෙන් පිතිකරණයේ  හෝ පන්දු යැවීමේ නිරත වන කණ්ඩායම තීරණය කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

ඒ අනුව මෙතෙක් පැවති හෙඩ් හෝ ටේල්ස් වෙනුවට මෙහි දී හිල් හෝ ෆ්ලැට් යන යෙදුම භාවිත කිරීමටයි සංවිධායකයින්ගේ අවධානය යොමු වී ඇත්තේය.

මෙම  පිත්තේ වාසිය බැලීමේදී සංචාරක කණ්ඩායම හිල් හෝ ෆ්ලැට්  යන්න පළමුව ඉල්ලීම කළ යුතු අතර පිත්ත එක් වරක් ඉහළදී කැරකි බිම වැටිය යුතු වේ.

මේ වෙනුවෙන් විශේෂ පිත්තක් නිර්මාණය කිරීමට ද බී බී එල් තරග සංවිධායකයින් බලාපෙරොත්තු වන බව ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිල වෙබ් අඩවියේ සඳහන් වේ.