ජනපති අතින් ත්‍රිවිධ හමුදා ශිෂ්‍ය නිලධාරීන් 136කට උපාධි සහතික

ජනපති අතින් ත්‍රිවිධ හමුදා ශිෂ්‍ය නිලධාරීන් 136කට උපාධි සහතික

December 12, 2018   06:56 pm

සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ 12 වැනි උපාධි ප්‍රදානෝත්සවය අද (12) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත් විය.

ත්‍රිවිද හමුදා ශිෂ්‍ය නිලධාරීන් 136 දෙනෙක් මෙහිදී උපාධි සහතික ලබාගනු ලැබුවේය.

අද පෙරවරුවේ බටලන්ද ආරක්ෂක සේනා අණ සහ මාණ්ඩලික විද්‍යාලය වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පළමුවෙන් එම විද්‍යාල පරිශ්‍රයේ ඉදිකර තිබූ නවීනතම අංගෝපාංගයන්ගෙන් සමන්විත පුස්තකාලය විවෘත කරනු ලැබූවේය.

අනතුරුව ජනාධිපතිවරයා සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක 12 සාර්ථක ලෙස හදාරා නිම කළ ත්‍රිවිද හමුදා ශිෂ්‍ය නිලධාරීන්ට උපාධි සහතික ප්‍රදානය කිරීමේ උත්සවයට එක් විය.

එහිදී යුද හමුදා ශිෂ්‍ය නිලධාරීන් 68 දෙනෙක්,නාවික හමුදා ශිෂ්‍ය නිලධාරීන් 27 දෙනෙක්, ගුවන් හමුදා ශිෂ්‍ය නිලධාරීන් 27 දෙනෙක් සහ විදේශීය රටවල සිසුන් 14 දෙනෙකු ඇතුළු ත්‍රිවිද හමුදා ශිෂ්‍ය නිලධාරීන් 136 දෙනෙක් උපාධි සහතික හිමිකරගනු ලැබූවේය.

මෙහිදී පඨමාලාවේ කැපීපෙනෙන දක්ෂතා දැක්වූ ශිෂ්‍ය භටයින් වෙත මෙන්ම හොදම පර්යේෂණ කෘති සඳහා සම්මාන පිරිනැමුණේ ජනාධිපතිවරයා අතින්ය.