බෝම්බ බියකින් ෆේස්බුක් මූලස්ථාන ගොඩනැගිල්ලේ සේවකයින් ඉවතට
සයුරෙන් එතෙර

බෝම්බ බියකින් ෆේස්බුක් මූලස්ථාන ගොඩනැගිල්ලේ සේවකයින් ඉවතට

December 12, 2018   05:37 pm

බෝම්බ බියක් හේතුවෙන් ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවියේ අමෙරිකාවේ කැලිෆෝනියා හි පිහිටි මූලස්ථාන ගොඩනැගිල්ලේ සේවකයින් ඉවත් කිරීමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

සිදුකළ අනතුරු ඇඟවීමක් මත ඊයේ(11) රාත්‍රී අදාල ගොඩනැගිල්ලේ සේවකයින් ඉවත් කිරීමට පියවර ගත් ආරක්ෂක අංශ අදාල ගොඩනැගිල්ල පරීක්ෂා කිරීමට කටයුතු කර ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් පුපුරණ ද්‍රව්‍යයයක් හෝ සැකකටයුතු කිසිවක් සොයාගැනීමට නොහැකි වීම හේතුවෙන් ෆේස්බුක් මූලස්ථානයේ කටයුතු යලි ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

සී.එන්.එන් පුවත් ආයතනයේ නිව්යෝර්ක් හි පිහිටි ගොඩනැගිල්ලේ සේවකයින් ද පසුගිය සතියේ බෝම්බ බියක් හේතුවෙන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණි.