අවසන් දින පොලිස් ආරක්ෂාව වැඩි වෙයි
December 12, 2018 05:21 pm
අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් දින මධ්‍යස්ථාන අවට පොලිස් ආරක්ෂාව සමඟ පොලිස් ජංගම සංචාර වැඩි කිරීමට බොහෝ ප්‍රදේශ ගනනාවක දැක ගත හැකි විය.
විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජීත මහතා පොලිස් දෙපාර්තමේන්තුවෙන් කල ඉල්ලීමකට අනුව මෙසේ විභාග මධ්‍යස්ථාන අවට ආරක්ෂාව යෙදවීමට කටයුතු කර තිබූ බව කියයි.
මෙයට හේතුවී තිබුනේ පසුගිය වසර වල අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ දින ප්‍රදේශ ගනනාවක සිසුන් ගැටුම් ඇති කර ගැනීම නිසා බව පැවසෙයි.
කෙසේ නමුත් පුත්තලම මුලස්ථාන පොලීසිය සහ ආණමඩුව පොලීසිය විසින් මෙලෙස තම බල ප්‍රදේශ වලට අයත් විභාග මධ්‍යස්ථාන වෙත පොලිස් ආරක්ෂාව සපයා තිබූ අතර තැනින් තැන කල්ලි ගැසි සිටි සිසුන් එම ස්ථාන වලින් ඉවත් කර නිවෙස් වෙත යැවීමට කටයුතු කල ආකාරය ද විභාගයට පෙනි සිටි සිසු දරු දැරියන් නිවෙස් වෙත ගමන් කරන ආකාරයද කැමරාවේ සටහන් විය.