යාපනය සරසවි සිසුන් අතර ගැටුමක්-3කට තුවාල

යාපනය සරසවි සිසුන් අතර ගැටුමක්-3කට තුවාල

December 12, 2018   04:32 pm

යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සිව්වැනි වසරේ සිසුන් සහ දෙවැනි වසරේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් විශ්ව විද්‍යාල සිසුන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

යාපනය පොලිසිය පැවසුවේ ඊයේ (11) රාත්‍රීයේ මෙම ගැටුම ඇති ව ඇති බවයි.

කන්දර්මඩම් ප්‍රදේශයේ දී යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍ය පීඨයේ  සිව්වැනි වසරේ සිසුන් පිරිසක් හා දෙවැනි වසරේ සිසුන් පිරිසක් අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් ගැටුම සිදුව ඇති බව වාර්තා වේ.

තුවාලකරුවන් යාපනය රොහලට ඇතුළත් කොට ඇති අතර, තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බවද පොලිසිය පැවසීය.

සිවවන වසර සිසුන්ට දෙවැනි වසර සිසුන් ගරු නොකිරීමේ ගැටළුවක් මත ගැටුම හටගෙන ඇති බවට අනාවරණය වී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් සිසුන්ගෙන් කටඋත්තර ලබාගෙන ඇති අතර යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.