තොන්ඩමන්ට විරෝධය පා වතු කම්කරුවන් පාරට

තොන්ඩමන්ට විරෝධය පා වතු කම්කරුවන් පාරට

December 12, 2018   04:22 pm

ආරුමුගම් තොන්ඩමන් ප්‍රමුඛ ලංකා කම්කරු කොංග්‍රසය කම්කරු ජනතාව මුලා කරමින් කටයුතු කරමින් සිටින බවට චෝදනා කරමින් වතු කම්කරුවන් පිරිසක් මඩකුඹුරේදි විරෝධතාවයක නිරත විය.

තම දිනක වැටුප රුපියල් දහසක් දක්වා වැඩිකොට ලබා දෙන මෙන් ඉල්ලමින් තලවකැලේ, වටගොඩ, මඩකුඹුර වත්තේ වතු කම්කරුවන් අද (12) උද්ඝෝෂණයක නිරතවිය.

පොස්ටර් ප්‍රදර්ශණය කරමින් හා ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ රුව සේ සකස් කරන ලද බඹයෙකු සකසා ඊට ගිණි තබමින් එම වත්තේ වතු කම්කරුවන් විශාල පිරිසක් තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටට එක්රැස්ව මෙසේ උද්ඝෝෂණයේ යෙදීම සිදු විය.

ආරුමුගම් තොණ්ඩමාන් මහතා විසින් දිගින් දිගටම තමන් රවට්ටමින් සිටින බවත්, ලංකා කම්කරු කොංග්‍රසය තමන් ඉත්තන්ට ගෙන ඔවුන්ගේ දේශපාලන අරමුණු ඉටුකර ගනිමින් සිටින බවත් උද්ඝෝෂණයේ යෙදී සිටි වතු කම්කරුවන් මෙහෙදී පැවැසීය.