අලංකාර නත්තල් ගසක් නිරාවරණය කරයි
සයුරෙන් එතෙර

අලංකාර නත්තල් ගසක් නිරාවරණය කරයි

December 12, 2018   04:06 pm

ග්‍රීසියේ නත්තල් උදාව සනිටුහන් කරමින් ඇතැන්ස් නගරයේදී පසුගියදා අලංකාර නත්තල් ගසක් නිරාවරණය කළේය.

අයහපත් කාලගුණය මධ්‍යයේ වුවද එම අවස්ථාවට බොහෝ දෙනෙකු එක්ව සිටියේය.

ග්‍රීසියේ ඇතැන්ස් අගනුවර ඉදි කළ අලංකාර ලෝහමය නත්තල් ගස ආලෝකවත් කොට නිරාවරණ කිරීම පසුගියදා සිදුකෙරුණි.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ ඇතැන්ස් හි ප්‍රධාන චතුරස්‍රයේ ඉදිකර තිබෙන මෙම නත්තල් ගස නැරඹීමට වර්ෂාව පවා නොතකමින් බොහෝ පිරිසක් පැමිණෙන බවයි.

එමෙන්ම එරට සංගීතවේදීන් කිහිප දෙනෙකු ඉදිරිපත් කරන ප්‍රසංගයක්ද ඒ ආසන්නයේ පැවැත්වෙන බව සඳහන්ය.

කෙසේ නමුත් ඇතැන්ස් නගරවාසීන් පවසන්නේ එලඹෙන වර්ෂය තමන්ට වඩාත් යහපත් වර්ෂයක් වේවා යන්න සිය නත්තල් පැතුම බවයි.