ජවිපෙ විශ්වාසය රනිල්ට නෑ

ජවිපෙ විශ්වාසය රනිල්ට නෑ

December 12, 2018   02:41 pm

පාර්ලිමේන්තුව තුළ රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාව ජනතා විමුත්ති පෙරමුණට අදාළ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. 

අද (12) පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ආණ්ඩුවේ අනාගතය රැඳී ඇත්තේ පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි මතම නොවන බවද ඒ මහතා පැවසිය.

රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් විශ්වාසය පෙන්නුවද ජනතාවගේ විශ්වාසය භංග වී අවසන් බව  ද ඔහු එහිදි ප්‍රකාශ කළේය.

ඒ රනිල් වික්‍රමසිංහ මහතාට අද පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාසය පල කිරීමේ යෝජනාව පිළිබඳ විවාදයට එක් වෙමිණි.

පසුගිය අප්‍රේල් 04 වෙනිදා ගෙන ආ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයේදී ජනතා විමුක්ති පරෙමුණ දැරු මතයේ කිසිදු වෙනසක් නොමැති බවත් එම විශ්වාසභංගයට ඉදිරිපත් කරන ලද කරුණු සියල්ල අදටත් වලංගු බවත් මෙහිදි අනුර දිසානායක මහතා අවධාරණය කළේ ය.