යහපාලන ආණ්ඩුවේ වැඩ ගැන වාර්තාවක් පාර්ලිමේන්තුවට

යහපාලන ආණ්ඩුවේ වැඩ ගැන වාර්තාවක් පාර්ලිමේන්තුවට

December 12, 2018   02:14 pm

යහපාලන ආණ්ඩුව විසින් වසර තුනහමාර තුළ සිදුකළ කාර්යන් පිළිබඳ වාර්තාවක් අද දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.

පාර්ලිමේන්තුව තුළ රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර  මහතා විසින් ස්තීර කළේය.

සති හයක කාලයක් රට තුළ ආණ්ඩුවක් නොමැති වීම හේතුවෙන් රට ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳ එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා විසින් අණාවරණය කළේය.

ඔක්තෝම්බර් 26 වෙනි සිතුරාදා වෙනතෙක් රනිල් වික්‍රමසිංහ මහතා ශක්තිමත් හා ස්ථාවර ආණ්ඩුක් ගෙන ගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා වැඩි දුරටත් පැවසීය.