ඉදිරි පැය 24 පීඩන අවපාතකයක්-නාවිකයන්ට අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය 24 පීඩන අවපාතකයක්-නාවිකයන්ට අනතුරු ඇඟවීමක්

December 12, 2018   02:10 pm

දිවයිනට ගිනිකොණ දෙසින් දකුණු බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එය උතුරු දෙසට බරව වයඹ දෙසින් ගමන් කරමින් දෙසැම්බර් මස 15 වන දා වන විට තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇති බවට කාලගුණ අංශ අනුමාන කරයි.

ඒ හේතුවෙන් හම්බන්තොට සිට පොතුවිල්, මඩකලපුව හා ත්‍රීකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි හා සුළං (පැයට කිලෝ මීටර 70-80) ඇති විය හැකි බව ද සඳහන් වෙයි.

ධීවර හා නාවික ප්‍රජාවට මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දීමක් කරයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කෙරේ.

කෙසේ වෙතත් නැගෙනහිර පළාතේ ස්ථාන කිහිපයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.

දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝ මීටර 40 දක්වා වන තරමක් තද සුළං සහ තරමක ශීත කාලගුණ තත්ත්වයක් ඇති විය හැකි බව ද සඳහන් වෙයි.