අගමැතිනියට එරේහි විශ්වාසභංගයේ ඡන්ද විමසුම අදයි
සයුරෙන් එතෙර

අගමැතිනියට එරේහි විශ්වාසභංගයේ ඡන්ද විමසුම අදයි

December 12, 2018   02:03 pm

බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේගේ නායකත්වය අභියෝගයට ලක්කරමින් විශ්වාසභංගයක් ඉදිරිපත්වී තිබේ.

ඊට අදාළ ඡන්ද විමසීම අද (12) පස්වරු 6ත් 8ත් අතර කාලසීමාවේදී පැවැත්වීමට නියමිත අතර එහිදී ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව කන්සවේටිව් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වේ.

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් පැවැති ජනමත විචාරණයෙන් අනතුරුව පුරප්පාඩු වූ අගමැති ධුරය සඳහා තෙරේසා මේ තේරීපත්වූයේ 2016 වසරේදීයි.

කෙසේ වෙතත් ඉන් පසුව ඇය ගෙන බ්‍රෙක්සිට් යෝජනාවලට ඇයගේ පක්ෂයෙන්ම දැඩි විරෝධය පළවීමද විශේෂත්වයකි.