රනිල්ට විශ්වාසය පළ කිරීමේ යෝජනාව සභාවට

රනිල්ට විශ්වාසය පළ කිරීමේ යෝජනාව සභාවට

December 12, 2018   01:07 pm

පාර්ලිමේන්තුව තුළ රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළේය.

එම යෝජනාව ඉදිරිපත් කරමින් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මේ බව පැවසීය.

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ වැඩිම විශ්වාසයක් ඇති පුද්ගලයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බවත් එම නිසාවෙන් රනිල් වික්‍රමසිංහ මහතා රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ ව්‍යවස්තාව අනුව පාර්ලිමේන්තුව තුළ වැඩිම විශ්වාසයක් ඇති පුද්ගලයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා සභාව තුළ පිළිගතයුතු බවයි.

මේ අතර පවතින දේශපාල අර්බුදය හමුවේ රට අන්නත ප්‍රපාතයකට වැටී ඇති බවත් රටේ ජනතානතාව අන්ත අසරණ වී ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. 

තවද මේ තත්ත්වය හේතුවෙන් අප රටට විදේශ රටවලින් ලැබීමට තිබු සියලුම දේවල්  අප රටට අහිමි වී ඇති බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුවට  පාර්ලිමේන්තුව තුළ විශ්වාසක් නොමැති බව පෙන්විය හැකි  හැම ආකාරයකින්ම පෙන්වු බවත් ඒ මහතා පැවසීය.

පසුගිය ඔක්තෝම්බර් 26 වදා සිට සිදුවු ව්‍යවස්ථා විරේධී ක්‍රියා හමුවේ කථානයක වරයා කටයුතු කළ ආකාරය සදා අමරනීය බවත් කථානායකවරයාගේ නාමය රන් කුරින් ලියවිය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.