සන්ධානය නැතුව අදත් පාර්ලිමේන්තුව ඇරඹෙයි

සන්ධානය නැතුව අදත් පාර්ලිමේන්තුව ඇරඹෙයි

December 12, 2018   01:01 pm

පාර්ලිමේන්තුව පස්වරු 1.00 ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී තිබේ.

සන්ධාන මන්ත්‍රී කණ්ඩායම අද දිනයේ ද පාර්ලිමේන්තු සභාවාරය වර්ජනය කිරිමට තීරණය කර තිබේ.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තු රැස්වීමට පෙර අද(12) පෙරවරු 11.30 ට පක්ෂ නායක රැස්වීමක් කථානායකවරයාගේ ප්‍රධානත්වය ආරම්භ විය.

කෙසේවෙතත් පසුගිය වර මෙන්ම මෙවර ද එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පක්ෂ නායකයින් මෙම රැස්වීම සඳහා සහභාගී නොවූ බවයි අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේය.