දෙමළ සන්ධානයේ සහය රනිල්ටද?

දෙමළ සන්ධානයේ සහය රනිල්ටද?

December 12, 2018   12:46 pm

රනිල් වික්‍රමසිංහ මහතාට උපරිමය ඇති බවට විශ්වාසය පළ කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබේ.

මෙම යෝජනාව සඳහා ජනාතා විමුක්ති පෙරමුණේ සහය නොලැබෙන බව දැනටමත් ප්‍රකාශකර ඇති අතර සන්ධාන මන්ත්‍රී කණ්ඩායම අද(12) දිනයේ ද පාර්ලිමේන්තු සභාවාරය වර්ජනය කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ජනාතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 6 දෙනාගේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 93න් දෙනා නොමැතිව එක්සත් ජාතික පක්ෂයට 113ක බහුතරයක් ලබාගැනීමට හැකි වේද යන්න තීරණය වන්නේ දෙමළ ජාතික සන්ධානයේ තිරණය මතයි.

දෙමළ ජාතික සන්ධානයේ සිටින මන්ත්‍රීවරුන් 16 දෙනාගෙන් එක් මන්ත්‍රීවරයෙකු ආණ්ඩුවට සහය දෙයි.

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ සිටින ඉතිරි මන්ත්‍රීවරුන් 15 දෙනා මේ වන විට මෙම යෝජනාව සම්බන්ධව විශේෂ රැස්වීමක් පවත්වනු ලබයි.