ආහාර සොයා ගම්වැදි අමුත්තෙක්

ආහාර සොයා ගම්වැදි අමුත්තෙක්

December 12, 2018   12:35 pm

වවුනියාව රාසේන්ද්‍රකුලම ප්‍රදේශයට පැමිණි හැළ කිඹුලෙකු අද(12) ඇල්ලූ බව වවුනියාව වනජිවි කාර්යාල නිළධාරීන් පැවසීය.

වවුනියාව වනජිවි කාර්යාල නිළධාරීන් පැවසූවේ රාසේන්ද්‍රකුලම ප්‍රදේශයට පැමිණි හැළ කිඹුලෙකු අද අලුයම ප්‍රදේශවාසීන් හා නෙළුක්කුලම පොලිස් නිළධාරීන් එක්ව අල්ලා ඇති බවයි.

අඩි දහයක් පමණ දිගැති හැළ කිඹුලෙකු එලෙස අල්ලා නෙළුක්කුලම පොලිස් ස්ථානයට ගෙනැවිත් තිබූ අතර, අල්ලාගෙන සිටි කිඹුලා රැගෙන ගොස් ආරක්ෂිත ප්‍රදේශයකට මුදාහළ බවද වනජීවි නිලධාරීන් පැවසූහ. 

වනජිවි නිලධාරීන් සඳහන් කරනු ලැබුවේ ආහාර සොයා පැමිණි කිඹුලෙකු එලෙස ගම්වදින්නට ඇති බවයි.