දැවැන්ත කසළ අංගනයක් ගිනි ගනී
සයුරෙන් එතෙර

දැවැන්ත කසළ අංගනයක් ගිනි ගනී

December 12, 2018   12:34 pm

ඉතාලියේ පිහිටි දැවැන්ත කසල අංගනයක් ගිනිගැනීමට ලක්ව ඇත.

ඉතාලියේ රෝම අගනුවර ආසන්නයේ ඉදිකර තිබෙන කසල අංගනයක දැවැන්ත ගින්නක් හටගෙන තිබේ.

ඉන් නිකුත් වූ දුමාරයෙන් අවට ප්‍රදේශය වැසී ගොස් තිබූ බව සඳහන් වේ.

ඒ සමඟ ඝන දුම් වළාවක්ද ප්‍රදේශයේ පැතිර ගොස් තිබූ අතර එම දුමාරය ආඝ්‍රාණය නොවන ලෙස නිවෙස් තුළටවී සිටින ලෙස බලධාරීන් ප්‍රදේශවාසීන්ට දැනුම්දී තිබූ බවත් සඳහන් වේ.

ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවීම් සේවා කණ්ඩායම් 12ක් යොදවා තිබු බව විදේස් මාධය සඳහන් කළේය.

ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණවී නොමැති අතර ඒ සම්බන්ධයේන පරීක්ෂණයක්ද ආරම්භ කර තිබේ.