පක්ෂ නායක රැස්වීම ඇරඹෙයි
December 12, 2018 12:09 pm
පාර්ලිමේන්තු රැස්වීමට පෙර අද(12) පෙරවරු 11.30 ට පක්ෂ නායක රැස්වීමක් කථානායකවරයාගේ ප්‍රධානත්වය ආරම්භ විය.
පාර්ලිමේන්තුව අද පස්වරු 01.00 ට කථානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබේ.
කෙසේවෙතත් පසුගිය වර මෙන්ම මෙවර ද එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පක්ෂ නායකයින් මෙම රැස්වීම සඳහා සහභාගී නොවූ බවයි අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේය.
සන්ධාන මන්ත්‍රී කණ්ඩායම අද දිනයේ ද පාර්ලිමේන්තු සභාවාරය වර්ජනය කිරිමට තීරණය කර තිබේ.
මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබේ.