බිරිඳගේ මිතුරියට අතවර කළ ව්‍යාපාරිකයාට වුණ දෙයක්
December 12, 2018 12:06 pm
තම ව්‍යාපාරික ස්ථානයට පැමිණි තරුණ කාන්තාවකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව කියන ව්‍යාපාරිකයෙකුව නවගත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නවගත්තේගම ප්‍රදේශයේ අලවි සැළක් පවත්වා ගෙන යන පුද්ගලයෙක්.
සිද්ධියට මුහුණ දුන් කාන්තාව විසින් පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය ඊයේ (11) මෙම සිද්ධිය සිදුවී ඇති බව වාර්තා වේ.
සැකකරුගේ ව්‍යාපාරික ස්ථානයට පැමිණ ඇති කාන්තාව ඔහුගේ බිරිද සම්බන්ධයෙන් විමසා ඇ ති අතර එම අවස්ථාවේදි ඔහු විසින් තම බිරිද මුළුතැන් ගෙයි රැදී සිටින බව ව්‍යාපාරිකයා කාන්තාවට පවසා ඇත.
ඒ අනුව පැමිණිලිකාරිය වෙළද සැල් හිමිකරුගේ නිවසේ මුළුතැන් ගෙයට ගිය අවස්ථාවේ ඇය පසු පසුන් පැමිණ ඇයට අතවර කිරීමට උත්සාහ කර ඇති බව පොලීසියට ලැබී ඇති පැමිණිල්ලේ සඳහන් වේ.
සැකකරු ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව පොලිසිය පවසයි.
පැමිණිලිකාරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමට පොලීසිය කටයුතු කර ඇත.
නවගත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු පවත්වයි.