සිංහයන් තවත් තරගයකට සූදානම්

සිංහයන් තවත් තරගයකට සූදානම්

December 12, 2018   12:02 pm

ආසියාන කුසලාන නැගී එන කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග හෙට(13) කොළඹදී පැවැත්වෙයි.

එම වටයේ පළමු තරගය ඉන්දීය සහ පාකිස්ථාන කණ්ඩායම් අතර කොළඹ සී.සී.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

දෙවන අවසන් පූර්ව වටයේ තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

එම තරග දෙකෙන් ජය ගන්නා කණ්ඩායම්වල සහභාගීත්වයෙන් අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන 15 වනදායි.