වැලිකඩින් පලා ගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මීමුරෙන් අල්ලයි
December 12, 2018 10:47 am
වැලිකඩ බන්ධනාගාරයෙන් පලා ගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ සුනිල් ශාන්ත නැමැත්තා මීමුරය ප්‍රදේශයේ සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය නොවැම්බර් මස 17 වන දින වැලිකඩ බන්ධනාගාරයේ නිලධාරීන් භාරයේ සිටිය දී බන්ධනාගාර නිලධාරීයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණි පුද්ගලයෙකු විසින් සූක්ෂම ලෙස මොහු රැගෙන ගියේය.
වීරක්කොඩිගේ සුනිල් ශාන්ත නොහොත් අජිත් වීරසිංහ නැමති මොහු ඊයේ(11) රාත්‍රී සංවිධානායත්මක අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුට සැඟව සිටීමට ආධාර අනුබල දුන් සැකකරුවකු සහ සැකකරියන් දෙදෙනෙකු සහ කැබ් රථයකින්, අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධව සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.