කතෝලික දෙව්මැදුරක වෙඩි තැබීමකින් 4කට දිවි අහිමි
සයුරෙන් එතෙර

කතෝලික දෙව්මැදුරක වෙඩි තැබීමකින් 4කට දිවි අහිමි

December 12, 2018   10:36 am

බ්‍රසීලයේ කතෝලික ආසන දෙව්මැදුරේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පසුව තුවක්කුකරුද වෙඩි තබා සියදිවි හානිකරගෙන ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙයි.

බ්‍රසීලයේ කැම්පීනස් නගරයේ පිහිටි කතෝලික ආසන දෙව්මැදුරට ඇතුළු වූ නාදුනන තුවක්කුකරුවෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර තිබේ.

ඊයේ දිවා දේව මෙහෙය සඳහා පැමිණ සිටි බැතිමතුන් සිව් දෙනෙකු ඉන් ජීවිතක්ෂයට පත්ව තිබුණි. 

ප්‍රහාරයෙන් වයෝවෘද්ධ පුද්ගලයින් සිව්දෙනෙකු පමණ බරපතල ලෙස තුවාල ලබා ඇති බවද සඳහන්ය.

සිදුවීම ඇසින් දුටුවන් ප්‍රකාශ කළේ දේවස්ථානයට ඇතුළුවූ තුවක්කුකරුවා යාඥා කරමින් සිටි පිරිස දෙසට වෙඩි තැබූ බවයි.

පසුව ඔහුද අල්තාරය මතදී වෙඩි තබා සියදිවි හානිකරගෙන තිබුණි.

කෙසේ නමුත් එම පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණ කරගෙන නොමැත.

එමෙන්ම වෙඩි තැබීමට හේතුවද තවමත් හඳුනාගෙන නොමැති අතර සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.