දුම්මලසූරිය පොලිස් අත්අඩංගුවේ මිය ගිය පුද්ගලයාට පෙර වැරදි නෑ
December 12, 2018 10:23 am
දුම්මලසුරිය පොලිස් අත්අඩංගුවේ සිටියදී පුද්ගලයෙකු මිය යාම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව දුම්මලසුරිය පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක අතුල ගමගේ මහතා පැවසිය.
පසුගිය 10 වන දා පස්වරුවේ දුම්මලසුරිය පොලිසියට, ලැබුණ තොරතුරක් මත සිදුකල වැටලීමකදී නිතිවිරෝධි මත්පැන් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත රැගෙන යාමේදී මේ පුද්ගලයා මියගොස් ඇති බව මේ වන විට අනාවරණය වී තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ දුම්මලසුරිය පොලිස් වසමට අයත් උඩුබද්දාව ම්හාගාර ප්රදේශයේ පදිංචිකරුවෙකු වූ උපුල් ශාන්ත නමැති 49 හැවිරිදි තිදරු පියෙකි.
මේ පුද්ගලයා කලු ගල් මෝලක සේවය කරන අතර එහි වැඩ නිමකර නිවසට පැමිණීමේදී නීති විරෝධී මත්පැන් ( කසිප්පු ) භාගයක් නිවසට ගෙනවිත් ඇති අතර එහිදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
මේ පුද්ගලයා මත්පැන් විකුණන පුද්ගලෙකු නොවන බව ඇගේ බිරිඳ වන නිමාලි ප්රියදර්ශනී මහත්මිය ද පිළිගනී.
මේ බව ප්රදේශ වාසීන් ද පැවසූ අතර මේ පිළිබඳව පොලිසියෙන් කල විමසීමේදී පොලිස් ස්ථානාධිපතිවරයා ප්රකාශ කලේ මේ පුද්ගලයාට පෙර වැරදි තිබු බවට තොරතුරු නොමැති බවයි.
තම ස්වාමිපුරුෂයා සිවිල් පිට පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් අත්අඩංගුවට ගෙන යතුරු පැදියක නංවාගෙන ගිය බවද මියගිය අයගේ බිරිඳ වැඩිදුරටත් පැවසුවාය.
මේ සිදුවීම දුටු ප්රදේශවාසියෙකු වන වරුණ ප්රියන්ත ප්රකාශ කලේ, පොලිස් නිලධාරීන් දෙදෙනා මියගිය පුද්ගලයා යතුරු පැදියක නංවාගෙන පැමිණ මහමඟ දමා තිබියදී ප්රදේශවාසීන් එකතුව රෝහල් ගත කල බවයි.
පොලිස් අත්අඩංගුවේ සිටි පුද්ගලයෙකු මියයාම පිළිබද සාධාරණ පරීක්ෂණයක් වියයුතු බව ද හෙතෙම පැවසිය.
තමන් අදාල පුද්ගලයා රෝහල් ගත කරන තෙක් පොලිස් නිලධාරීන් දෙදෙනා විනාඩි දහයකට වැඩි කාලයක් ගිලන් රථයක් පැමිණෙන බව පවසමින් සිටි බවද වරුණ ප්රියන්ත වැඩි දුරටත් පැවසිය .
ගම්වැසියන්ගේ ප්රකාශ ප්රතික්ෂේප කල දුම්මලසුරිය පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක අතුල ගමගේ මහතා ස්භාවික හේතුවක් මත මේ පුද්ගලයා මියගොස් ඇති බවට මේ වන විට අනාවරණය වී ඇති බව පැවසිය.
පොලිස් නිලධාරීන් දෙදෙනා ගිලන් රථයක් පැමිණෙන තෙක් විනාඩි දහයක් පමණ සිටියදී ප්රදේශවාසීන් විසින් බලහත්කාරයෙන් රෝගියා රැගෙන ගොස් රෝහල් ගත කර ඇති බව පැවසිය.
මියගිය පුද්ගලයාගේ මරණ පරීක්ෂණය ඊයේ(11) කුලියාපිටිය මුලික රෝහලේදී පැවැත්විණි.
කුලියාපිටිය සහකාර පොලිස් අධිකාරී ගාමිණී මිගහකුඹුර මහතාගේ උපදෙස් පරිදි දුම්මලසුරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.