ප්රවීණ ගායන ශිල්පී උපාලි කන්නන්ගර දිවි ගමනට සමුදෙයි
December 12, 2018 09:59 am
ප්රවීණ ගායන සහ වාදන ශිල්පී උපාලි කන්නන්ගර මහතා අභාවප්රාප්ත වී තිබේ.
කොළඹ පෞද්ගලික රෝහලකදි මීට ටික වේලාවකට පෙර ඒ මහතා අභාවප්රාප්ත වූ බව ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවෙල් මහතා සඳහන් කළේය.
හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් උපාලි කන්නන්ගර මහතා මීට දින කිහිපයකට පෙර රෝහල්ගත කර තිබුණි.
මියයන විට 67 වන වියේ පසුවූ උපාලි කන්නන්ගර මහතා වාදන ශිල්පියෙකු ලෙස කලා ක්ෂේත්රයට පිවිසුණු අතර ඉන්පසු ගායන ශිල්පියෙකු ලෙස ප්රේක්ෂකයින් අතර වඩාත් ප්රචලිත වුණි.
දුම්බර මිටියාවත පැත්තේ, පාරට කිට්ටුව, ඉවසිල්ලක් නෑ දකින තුරා, මගේ ආදර රත්තරනේ, ගෙලේ රන් මාල දා හැඩ වී, ඒ මහතා ගායනා කළ ගීත අතරින් කිහිපයකි.