හොර සහතික අල්ලයි

හොර සහතික අල්ලයි

December 12, 2018   09:41 am

ගල්නෑව, කලංකුට්ටිය ප්‍රදේශයේදී ව්‍යාජ බලපත්‍ර සහ සහතික පත්‍ර තොඟයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ මුද්‍රණාලයක ව්‍යාජ බලපත්‍ර සහ සහතික පත්‍ මුද්‍රණය කරන බවට ලද තොරතුරක් මත සිදු වැටලීමකදී අදාල සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

එහිදී සැකකරු සතුව තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද රියදුරු බලපත්‍ර 42ක්, වාහන ආදායම් බලපත්‍ර 08ක්, වැලි බොරළු ප්‍රවාහන බලපත්‍ර 14ක්, උප්පැන්න සහතික 07ක් සහ ව්‍යාජ ලිපි ලේඛන සකස් කිරිම සඳහා යොදා ගන්නා උපකරණ කිහිපයක් පොලීසිය භාරයට ගෙන තිබේ. 

පොලීසිය සඳහන් කළේ සැකකරු කලංකුට්ටිය ප්‍රදේශයේම පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු බවයි.

ඔහු අද(12) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර ගල්නෑව පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.