රනිල්ට ඇති විශ්වාසය අද පෙන්නනවා

රනිල්ට ඇති විශ්වාසය අද පෙන්නනවා

December 12, 2018   09:41 am

රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යවරයා වශයෙන් ක්‍රියා කිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති බවට වන යෝජනාවක් අද(12) පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබේ.

අද පස්වරු1.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එහිදී අදාළ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි. 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක අකිල විරාජ් කාරියවසම්, ලක්ෂ්මන් කිරිඇල්ල, රාජිත සේනාරත්න, පලනි දිගම්බරම්, මංගල සමරවීර සහ රිෂාඩ් බදියුදීන් විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබේ.

ඊට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 දෙවැනි ව්‍යවස්ථාවට අනුව ඉදිරි පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාට දැනුම්දීම සඳහා වු යෝජනාවක් ද අද පාර්ලිමේන්තුවේ දී සම්මත කරගැනීමට නියමිතයි. 

එක්සත් ජාතික පක්ෂ පසු පෙල මන්ත්‍රීවරුන් පිරිසක් විසින් අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.