වතු වර්ජනය අවසන්

වතු වර්ජනය අවසන්

December 12, 2018   09:33 am

වතු කම්කරුවන් වර්ජන ක්‍රියාමාර්ගය අත්හිටුවා තිබේ.

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අරුමුගන් තොන්ඩමන් මහතා පවසන්නේ ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹි බවයි.

එළඹෙන 19 වනදා වතු හම්පුතුන් සමඟ පැවැත්වෙන සාකච්ඡාවේදී අවසන් තීරණයකට එළඹ සාධාරණ වැටුපක් ලබා දෙන බවට ජනාධිපතිවරයා පොරොන්දු වූ බවත් තොන්ඩමන් මන්ත්‍රීවරයා පවසයි.

අදාල වර්ජනය හේතුවෙන් වතු ක්ෂේත්‍රයට සහ රටේ ආර්ථිකයට සිදුව ඇති පාඩුව සම්බන්ධයෙන් අවධානය යොමු කොට වර්ජනය අත්හිටුවන ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීම සලකා එම තීරණයට එළඹි බව තොන්ඩමන් මන්ත්‍රීවරයා පවසයි.

එම සාකච්ඡාවට මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා ද සහභාගී වී තිබේ.