දුම්රිය වර්ජනයක්?

දුම්රිය වර්ජනයක්?

December 12, 2018   08:12 am

එළඹෙන 26 වනදා සංකේත වැඩවර්ජනයක නිරතවිමට දුම්රිය වෘත්තිය සමිති තීරණය කර තිබේ.

තම වැටුප් ගැටළු සම්බන්ධයෙන් නිසි විදුමක් ලබා නොදීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බව දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා සඳහන් කළේය.

ඒ අනුව ලබන 26 වනදා මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක සංකේත වැඩවර්ජනයක් සිදු කිරීමට තීරණය කර ඇති බව සඳහන්ය.

වැටුප් ගැටළු විසදීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ කොමිසම් සභාව මඟින් ද දුම්රිය වැටුප් ගැටළු සම්බන්ධයෙන් නිසි විසඳුම් ලබා දී නොමැති බවට දුම්රිය වෘත්තිය සමිති චෝදනා කරයි.

ඒ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡාවක් ලබාගැනීමට උත්සහ කළ ද ඒ සඳහා මෙතෙක් අවස්ථාවක් ලබාදී නොමැති බව ඉන්දික දොඩම්ගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.