ශ්‍රී ලංකා-සිංගප්පූරූ වෙළෙඳ ගිවිසුම නීතිවිරෝධි ද?

ශ්‍රී ලංකා-සිංගප්පූරූ වෙළෙඳ ගිවිසුම නීතිවිරෝධි ද?

December 12, 2018   07:59 am

ශ්‍රී ලංකා සිංගප්පූරූ නිදහස් වෙළෙද ගිවිසුම පිළිබද සොයා බැලිම සදහා ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටු වාර්තාව මගින් එම ගිවිසුම නීතිවිරෝධි බවට පෙන්වා දී ඇති බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය.

ඊයේ (11)  පැවැති විශේෂ සකාච්ඡාවේදී ශ්‍රී ලංකා සිංගප්පූරූ නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව සාකච්ඡා කළ බවද ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසන්නේ ශ්‍රී ලංකා සිංගප්පූරූ නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සොයා බැලිම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුවේ වාර්තාව වහාම රටට හෙලි කළ යුතු බව පවසයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ  වාර්තාවේ අන්තර්ගත කරුණු ජනතාවට දැනගැනිමේ අයිතියක් පවතින බවයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව පැවසීය.