අද 1ට පාර්ලිමේන්තුව රැස් වෙයි-මහජන සහ විශේෂ ආරාධිත ගැලරි වැසෙයි

අද 1ට පාර්ලිමේන්තුව රැස් වෙයි-මහජන සහ විශේෂ ආරාධිත ගැලරි වැසෙයි

December 12, 2018   07:33 am

පාර්ලිමේන්තුව අද (12) පස්වරු 01.00ට රැස්විමට නියමිතව තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යවරයා වශයෙන් ක්‍රියා කිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති බවට වන යෝජනාව අද පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇති බව සඳහන් වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක අකිල විරාජ් කාරියවසම්, ලක්ෂ්මන් කිරිඇල්ල, රාජිත සේනාරත්න, පලනි දිගම්බරම්, මංගල සමරවීර සහ රිෂාඩ් බදියුදීන් විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබේ.

ඊට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 දෙවැනි ව්‍යවස්ථාවට අනුව ඉදිරි පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාට දැනුම්දීම සදහා වු යෝජනාවක් ද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිත බව වාර්තා වන්නේය. 

මේ අතර කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රුස්විමක් ද අද 11.30 පාර්ලිමේන්තු සංකීර්ණයේදි පැවැත්විමට නියමිතව තිබේ.

අද දිනයේ පාර්ලිමේන්තු න්‍යය පත්‍රයට ඇතුළත් කරන සෙසු යෝජනා සම්බන්ධයෙන් එම පක්ෂ නායක රැස්වීමේදී තීරණය කිරිමට නියමිත බව වාර්තා වේ.

එමෙන්ම අද දිනයේ ද මහජන ගැලරිය සහ විශේෂ ආරාධිත ගැලරිය වසා තැබෙන අතර මාධ්‍යවේදීන්ට පමණක් එය විවෘතව පවතියි.

මේ අතර අද දිනයේ ද එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සභා වාරය වර්ජනය කරන බව වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා පැවසුවේය.