අද ශීත කාලගුණයක්
December 12, 2018 06:35 am
දිවයිනට ගිනිකොණ දෙසින් දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 48ක් කාලය තුලදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වන ලකුණු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එය උතුරු දෙසට බරව වයඹ දෙසට ගමන් කරමින් තමිල්-නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි දැනට අනුමාන කරයි.
ධීවර සහ නාවුක ප්‍රජාවට මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිනු ලැබේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කෙරේ.
දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා වන තරමක් තද සුළං සහ තරමක ශීත කාලගුණ තත්වයක් ඇති විය හැකියි.