ආරාධනා කළොත් මම සුදානම්

ආරාධනා කළොත් මම සුදානම්

December 11, 2018   11:18 pm

පවතින වාතාවරණය තුළ මහබැංකු අධිපති ධුරය භාරගන්නා ලෙස ජනපති හෝ අගමැති ආරාධනාවක් සිදු කළහොත් ඒ සඳහා තමන්  සූදානම් බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ යුක්තියට හඬක් සංවිධානය අද (11) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින්.

රට වහා ස්ථාවර නොවුණොත් දැවැන්ත ආර්ථික අර්බුදයක් පැමිණේන බවත් වසර 09 ක තමන්ට තිබේන අත්දැකීම් අනුව මේ බව පවසන බවද ඒ මහතාපැවසීය.

දල දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 79 ට වැඩි කළ බවත් විදේශ සංචිත ඩොලර් බිලියන 8.2ට වැඩි කළා බවත් ඔහු එහිදි පැවසීය.

පසු ගිය ආණ්ඩු සමයේ රුපියල අවප්‍රමාණය වසරකට 2.8%ක් බවත් දැන් දවස් දෙකතුනකට සැරයක් අවප්‍රමාණය වෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.