විශේෂ සාකච්ඡාව අවසන්-විසඳුම ජනතාව ඉදිරියට යෑම පමණයි

විශේෂ සාකච්ඡාව අවසන්-විසඳුම ජනතාව ඉදිරියට යෑම පමණයි

December 11, 2018   10:53 pm

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතර විශේෂ හමුවක්  අද (11) රාත්‍රියේ දී පැවැත් විය.

ඒ ජනාධිපති  ලේකම් කාර්යාලයේ දිය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද විශේෂ හමුවට එක්ව තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී මෙම හමුව ආරම්භ වුණේ අද පස්වරු හතට පමණය.

පැය එක හමාරකට අධික කාලයක් පැවති සාකච්ඡා රාත්‍රී අටයි තිහට පමණ අවසන් විය.

එහිදි අදහස්  දැක්වු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසුවේ වර්ථමානයේ ඇති වී ඇති දේශපාන ගැටලුවට තිබේන එකම විසඳුම ජනතාව ඉදිරියට ගොස් මහමැතිවරණයක් පැවැත්වීම බවයි.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්සය සහ පොදු ජන පෙරමුණ ඇතුළු වාහාංශික සෙසු පක්ෂ සියල්ලම සන්ධානයක් යටතේ ඉදිරියෙදි කටයුතු කිරිම සම්බන්ධයෙක් සාකච්ඡා කළ බවයි.