ජනමත විචාරණයකට නිෂ්චිත ප්‍රස්තුථයක් අවශ්‍යයි

ජනමත විචාරණයකට නිෂ්චිත ප්‍රස්තුථයක් අවශ්‍යයි

December 11, 2018   01:18 pm

පාර්ලිමේන්තු මැතිවරණයක් පමණක් පවත්වා පවතින දේශපාලන හා ව්‍යවස්ථාමය අර්බුදය විසදීමට හැකියාවක් නොමැති බව මැතිවරණ නීරීක්ෂණයේ නිරත පැෆ්රල් සංවිධානය පවසයි.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ දත්ත විශ්ලේෂණය කර බැලීමේ දී මෙය ඉතා හොදින් පැහැදිලි වන බව එම සංවිධානය පෙන්වා දෙන්නේය.

වත්මන් දේශපාලනික වාතාවරණය පිළිබද අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දෙමින් එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මෙම අදහස් පල කළේය.

වර්තමානයේ ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් කතාබහක් මතුව ඇති අතර ඒ පිළිබඳව අද දෙරණ රෝහණ හෙට්ටිආරච්චි මහතාගෙන් මෙහිදි විමසීමක් කළේය.

එහිදි ඔහු පැවසුවේ ජනමත විචාරණයකට යොමු වෙනවා නම් ඒ සඳහා නිෂ්චිත ප්‍රස්තුතයක් තිබිය යුතු බවයි.

ඒ සඳහා ජනතාවගේ සෘජු ප්‍රතිචාර ලබා ගත හැකි ක්‍රමයක් තිබිය යුතු බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.