සිංහයන් අර්ධ අවසන් පූර්ව වටයට
December 11, 2018 12:40 pm
ආසියානු කුසලාන නැඟී එන කණ්ඩායම් අතර ක්රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.
ඊයේ (10) ඉන්දීය නැඟි එන කණ්ඩායම සමඟ පැවති තරඟය පරාජයට පත් වුවද තරඟාවලියේ පළමු වටයේදී සහභාගී වූ තරඟ තුනෙන් දෙකක් ජය ගැනීම හේතුවෙන් ශ්රී ලංකා කණ්ඩායම අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ඇති බව සඳහන්.
ඒ කාණ්ඩය යටතේ ශ්රී ලංකාවට අමතරව ඉන්දියාව අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගෙන ඇති අතර බී කාණ්ඩය යටතේ පාකිස්ථානය සහ බංග්ලාදේශය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබේ.
ඒ අනුව අර්ධ අවසන් පූර්ව වටයේ පළමු තරඟය ඉන්දීය කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.
දෙවන තරගය ශ්රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත් වේ.
ලබන 13 වනදා කොළඹ දී එම තරඟ පැවැත්වීමට නියමිතයි.