පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මිය යයි

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මිය යයි

December 11, 2018   11:53 am

දුම්මලසූරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මියගොස් තිබේ.

නීති විරෝධි මත්පැන් ලඟ තබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙලෙස මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.

දුම්මලසූරිය පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර යතුරුපැදියකින් ඔහු පොලිස් ස්ථානය වෙත රැගෙන යමින් සිටියදී හදිසියේ රෝගී වී ඇති බව සඳහන් වේ.

කුලියාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ උඩුබද්දාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර දුම්මලසූරිය පොලිසිය මේ සමබන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.