රේගු නිලධාරීන් සංකේත වැඩ වර්ජනයක
December 11, 2018 10:54 am
12.30pm:-වැටුප් විෂමතාවක් මුල්කර ගනිමින් රේගු නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය මේ වන විට අවසන් වී තිබේ.
වැටුප් විෂමතාව ඉවත් කිරිමට වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසම විසින් ලබාදුන් තීන්දු ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පල කරමින් සියලු රේගු නිලධාරීන් මේ වන විට සංඛේත වර්ජනයක නිරත වෙයි.
අද(11) උදෑසන 8.00 සිට මෙම වර්ජනය ක්‍රියාත්මක වන අතර මේ හේතුවෙන් ආනයන භාණ්ඩ නිෂ්කාශන කටයුතු පමණක් සිදුනොවන බව රේගු නිලධාරීන් සඳහන් කළේය.
මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ රේගු වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් මේ වන විට මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්වෙයි.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද තීරණයක් ගන්නා බව රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති දිනූෂ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.