මන්ත්‍රීවරයා ඝාතනය කළ 5ක් කොටු වෙයි

මන්ත්‍රීවරයා ඝාතනය කළ 5ක් කොටු වෙයි

December 11, 2018   09:18 am

හක්මන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය නොවැම්බර් හතර වන දින හක්මන කැබිලියපොල ප්‍රදේශයේ දී අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා වෙඩි තබා තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබුණේය.

එම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ මාතර කොට්ඨාශ අපරාධ විමර්ශනය අංශයේ නිලධාරීන් ඝාතනයට ආධාර අනුබල දුන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සතුව තිබූ යතුරුපැදි දෙකක් ද පොලීසිය භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

සැකකරුවන් අද(11) දින දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.