යාළුකමට උත්තර ලියන්න ගිහින් තවත් 2ක් මාට්ටු

යාළුකමට උත්තර ලියන්න ගිහින් තවත් 2ක් මාට්ටු

December 11, 2018   09:06 am

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල විභාගයේ විභාග අයදුම්කරු වෙනුවට පෙනී සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. 

ඊයේ(10) දිනයේ පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය පළමු ප්‍රශ්න පත්‍රය සඳහා විභාග අයදුම්කරු වෙනුවට ඔහුගේ මිතුරෙකු විභාගය සඳහා පෙනී සිට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

මෙම සැකකරුවන් දෙදෙනා විභාගයට පෙනී සිට ඇත්තේ තණමල්විල - බෝදාගම ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයකින් සහ කල්මුණේ - සයින්දමරදු ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයන්වලින් බව වාර්තා වෙයි.