රිය අනතුරකින් තරුණ ජිවිතයක් අහිමි වෙයි

රිය අනතුරකින් තරුණ ජිවිතයක් අහිමි වෙයි

December 11, 2018   08:50 am

රත්මල්ගහවැව - හොරොව්පතාන මාර්ගයේ කහටගස්දිගිලිය පෙතියන්කඩ කුඹුරුයාය අසල දී සිදුවු අනතුරකින් යතුරුපැදිකරුවෙකු මියගොස් තිබේ.

යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සදහන් කළේය.

අනතුරෙන් බරපතල තුවාල ලැබු යතුරුපැදිකරු ‍රත්මල්ගහ වැව රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ රත්මල්ගහවැව ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි අයෙකු බව පොලීසිය සඳහන් කරයි.

මේ අතර කොළඹ - මීගමුව මාර්ගයේ වැලිසර ප්‍රදේශයේ දී යතුරුපැදිය මාර්ගය හරහා ගමන්ගත් පදිකයෙකු ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරෙන් බරපතල තුවාල ලැබු පදිකයා රාගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

අනතුරට සම්බන්ධ යතුරුපැදිකරු මහභාගේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.