හොරට ලයිසන් දුන්නු 4ක් කොටු වෙයි

හොරට ලයිසන් දුන්නු 4ක් කොටු වෙයි

December 11, 2018   07:59 am

ව්‍යජ රියදුරු බලපත් සකස් කොට අලෙවි කළ ජාවාරමක් වටලා පුද්ගලයින් හතරදෙනෙකු අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි.

මෝටර් රථ පරීක්ෂක නිළධාරීන් හා වවුනියාව පොලිස් නිළධාරීන් වෙත ඊයේ (10) ලද තොරතුරක් මත සිදුකළ මෙහෙයුමකදි අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වවුනියා මෝටර් රථ පරීක්ෂක නිළධාරිවරයාගේ ලෙස ව්‍යාජ නිළ මුද්‍රවක් යොදා ගනිමින් තාවකාලික රියදුරු බලපත් සකස් කොට ඇති අතර ව්‍යාජ රියදුරු බලපත්‍රයක් රුපියල් 15,000 ත් 18,000ත් අතර මුදලකට විකුණා ඇති බවට තොරතුරු අනාවරණය වි තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිලිනොච්චිය, පදවිය, ගල්ගමුව හා වවුනියාව ප්‍රදේශයන්ගේ පදිංචි වයස අවුරුදු 35 ත් 50 ත් අතර සැකකරුවන් වන අතර ඔවුන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ව්‍යාජ රියදුරු බලපත් සකස් කළ ජාවාරමේ ප්‍රධාන සැකකරු පසුගියදා ජිවිතක්ෂයට පත්ව ඇති බව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදි අනාවරණය වි ඇති අතර, ජාවාරමට සම්බන්ධ අනෙකුත් තැරැව්කරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙයවන බවද පොලිසිය සඳහන් කළේය.