ළිඳට වැටී අවුරුදු 4ක සිඟිත්තා මරුට

ළිඳට වැටී අවුරුදු 4ක සිඟිත්තා මරුට

December 11, 2018   06:39 am

මුලතිව් පොලිස් වසමේ කල්ලපාඩු දකුණ ප්‍රදේශයේ දී දරුවෙකු ළිඳට වැටී මිය ගොස් තිබේ.

ඊයේ(10) සවස 5.30ට පමණ මෙම දරුවා ළිඳට වැටීමෙන් අනතුරුව බේරා ගෙන මාංචෝලේ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

එහිදී දරුවා මියගොස් සිටි බවට ලද පණිවිඩයක් මත මුලතිව් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 4ක් වු කල්ලපාඩු දකුණ, මුලතිව් ප්‍රදේශයේ පදිංචි රජිදන් රද්ශන් නැමති කුඩා දරුවෙක් බව පොලීසිය පවසයි.

මෘත ශරීරය මාංචෝලේ රෝහලේ තැන්පත් කර තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණය අද(11) දින සිදු කිරීමට නියමිතයි.

මුලතිව් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.