ජාතික ආහාර සැණකෙලිය ආරම්භ වීමට නියමිතයි

ජාතික ආහාර සැණකෙලිය ආරම්භ වීමට නියමිතයි

December 6, 2018   07:31 pm

“ෆුඩ් 2018”  ජාතික ආහාර සැණකෙලිය හෙට(07) ආරම්භ වීමට නියමිතව තිබේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට කොළඹදී එම සැණකෙලිය ආරම්භ වන බවයි.

කෘෂිකර්ම අමාත්‍යංශය සහ ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය එක්ව මෙය සංවිධානය කර තිබේ.

සැණකෙලිය හෙට සිට ලබන 09 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.